Gossips

ආණ්ඩුව ගිවිසුම්වලට යටත්වෙමින් රටේ ආර්ථික මර්මස්ථාන විකුණන බව ජවිපෙ කියයි

ආණ්ඩුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දමන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ද විකිණීමේ සූදානමක් පවතින බවයි.