Gossips

උසස් තාක්ෂණ සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලීසිය අද ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 ක් දක්වා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් තම විරෝධතා පා ගමන පුංචි බොරැල්ලෙන් ආරම්භ කළා.
සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ ලෝටස් වටරවුම අසළින් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වසා දැමුණා.
පසුව පොලීසිය සිසුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සිසුවෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවද රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.