Gossips

මිලියන 30 කට අධික රන් බිස්කට් සහ ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සහ ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල රේගුව අද අත්අඩංගුවට ගත්තා.
කුවේට් සිට පැමිණි ඇය රන් සහ ස්වර්ණාභරණ සිය ශරීරයේ සඟවාගෙන රැගෙන විත් ඇති අතර, ඒවායේ බර කිලෝග්‍රෑම් 5 කට අධිකයි.
30 හැවිරිදි සැකකාර කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.