වියලි කලාපයේ දිස්ත්‍රික්ක 11 ක් පුරා ව්‍යාප්තවී පවතින කුඩා වැව් 789 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එහි මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 140 ක්.
2024 වසර දක්වා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක ලෝක බැංකුවද අරමුදල් සහය දක්වනවා.
මේ අතර උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනේ පලමු අදියර යටතේ 4000කට රජයේ පත්වීම් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එහි දෙවන අදියර යටතේ උපාධිධාරින් 15000ක් සදහා පත්වීම් ලබාදීමට නියමිතයි.