කලා ක්ෂේත්රයට බලපා ඇති බදු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා නිදහස් කලා සන්ධානය අද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා.
ඒ, කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ දීයි.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් කලා සන්ධානයේ සභාපති ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්යක්ෂ සුදත් රෝහණ කියා සිටියේ බදු හේතුවෙන් කලා ක්ෂේත්රයේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවයි.