Gossips

මහ මඟ දමා ගිය බිළිදියක් දඹුල්ලෙන් සොයා ගැනේ

දඹුල්ල – පොහොරන්වැව ප්‍රදේශයේදී මහ මඟ දමා ගොස් සිටි අලුත උපන් බිළිදියක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මාර්ගයේ ගමන් ගත් රියදුරෙකු විසින් සිදුකළ දැනුම් දීමකට අනුව පොලිසිය අද (25) උදෑසන මෙම දැරිය සොයාගෙන ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
දින දෙකක් හෝ තුනක් පමණ වයසැති මෙම බිළිදිය දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.