Gossips

පාසල් සිසුවියක් දූෂණය කළ උපකාරක පංති ගුරුවරුන් දෙදෙනෙක් පොලිස් දැලේ

මොණරාගල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් දූෂණය කළ උපකාරක පංති ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් උපකාරක පංති ගුරුවරයෙක් විසින් සිසුවිය සිය නිවසට ගෙන්වාගෙන මෙලෙස දූෂණයකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව අදාල ගුරුවරයා විසින් ඔහුගේ මිතුරෙකු වන තවත් උපකාරක පංති ගුරුවරයෙකුට ලිංගික කාර්ය සඳහා සිසුවිය ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අනතුරුව එම උපකාරක පංති ගුරුවරයා සිසුවිය ලැඟුම්හලකට රැගෙන ගොස් ඇයව දූෂණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාල ගුරුවරයා සිසුවිය සමඟ ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගතකර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් දෙදෙනා අද (25) දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මොණරාගල පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.