Gossips

ඒ – 9 මාර්ගයේ රිය අනතුරකින් 18 දෙනෙකුට තුවාල (ඡායාරූප)

ඒ – 9 මාර්ගයේ පූනාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද (25) අලුයම කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බස් රථයේ ගමන් කළ මගීන් 18 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ / රොමේෂ් මධුසංක