Gossips

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ නායකයන්ගේ විශේෂ හමුවක්

ඉදිරියේදී රජය ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළ ආකාරය පිළිබදව ඊයේ (24) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂය ඔහුගේ නිළ නිවසේ පැවති හමුවේදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලබන සැප්තැම්බර් මස 05 වන දා රජයට එරෙහිව කොළඹ පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි.