Gossips

පාකිස්තාන අගමැති සටනේ ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

අද (25) ආරම්භ වන පාකිස්තාන මහ මැතිවරණයෙන් පී.ටී.අයි පක්ෂයේ නායක, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට වැඩි වාසි හිමි වනු ඇති බවට මත පළ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ද වැඩි ඉඩකඩක් ඇති බවයි.
දැනට බලයේ සිටින පී.එම්.එල්.එම්. පක්ෂය මේ වන විටත් මැතිවරණ ව්‍යාපාරය තුළ දැඩි පසුබෑමකට ලක්ව ඇති බව සඳහන්.
මෙවර පාකිස්තානු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 106ක්.