Gossips

මැතිවරණයෙන් පසු කොටස් වෙළඳපොළ පසුබසී

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ මිල ගණන් ඊයේ පහත වැටුණු බව රොයිටර් වාර්තා කළා.
සමස්ත දර්ශකය ඊයේ 6542.99 දක්වා පහත වැටුණේ පසුගිය සිකුරාදා මාස 3කින් ඉහළම අගයන් වාර්තා කිරීමෙන් පසුවයි.
ආයෝජකයන් ස්ථාවරභාවයක් ඇති වන තුරු අපේක්ෂාසහගතව සිටින බවයි තැරැව්කරුවන් සඳහන් කළේ.
ඊයේ දිනයේ දී මහා පරිමාණ සමාගම්වල කොටස් පහත වැටීමක් දක්නට ලැබුණු අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 597.6කට සීමා වුණා.
මීට අමතරව බැඳුම්කර ඵලදාව ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණු අතර, රුපියලේ අගය පහත වැටී විනිමය අනුපාතිකය ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 154යි ශත 60ක් ලෙස සටහන් වුණා.