Gossips

ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප)

පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ඊයේ (24) සවස අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේදී සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වෑන් රථය ගිනිගත්හේන දෙස සිට අඹගමුව දක්වාත් පෞද්ගලික බස් රථය නාලපිටිය සිට ගිනිගත්හේන දක්වාත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
වෑන් රථයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පවසන්නේ.

ඡායාරූප – මස්කෙළිය, ගාමිණී බණ්ඩාර