Breaking

පල්ලෙවත්තෙ ගමරාලගේ අයෝජන මරාලේ, වීර සංගිලි පනික්කිරාලගේ ඔඩොක්කුවේ ඉදන් ශැන්ග්‍රිලා සාදයේ.


වටින් පිටින් ගමරාලගේ රෙද්ද අස්සේ රිංගන බව ආරංචි වූවද රටේ ජනතාව දේශප්‍රේමී පනික්කිරාළ එවන්නෙකු බව විශ්වාස කලේ නැත. නමුත් පනික්කියා කවුද යන්න අප හොඳින් දැන සිටියේය. පසුගිය 2018. 07. 23 විශේෂ දවසකි. ඒ අපි මෙතෙක් කලක් ඔබට දැන්වූ වීර සංගිලි පනික්කිරාලත් පල්ලෙවත්තේ ගමරාලයාත් එකතුවී කරනා යටිකූට්ටු වැඩේ අතේ මාට්ටු වූ දවසකි.

රාජපක්ෂලා නොමග යවා සිරිසේනගේ පශ්චාත් භාගය අස්සේ රිංගා අගමැති වීමට ඇඟිලි ගණිනා වීර සංගිලි පනික්කි රාල අද ශැන්ග්‍රිලා හෝටලයේදී ගැසූ ගේමක් පිලිබඳ තොරතුරු අපට ලැබී ඇත. සිරිසේනගේ ආයෝජන දූතිකාව වී එංගලන්තයෙන් කෝටි ගණන් ආයෝජන ලංකාවට ගෙනාවා යැයි පැවසූ (මේ ආයෝජන මොනවාදැයි අදටත් රහසකි) ගිහානි වීරසිංහ හා ඇයගේ සැමියා වන මොහාන් පෙරේරා සමඟ ශැන්ග්‍රිලා හෝටලයේ සාද පවත්වමින් සාකච්ඡා කර ඇත.

මේ සඳහා වීර සංගිලි පනික්කියාගේ හොඳම අතවැසියා වෙන බජට් ටැක්සි හිමිකරු මෙන්ම ව්‍යාපාර සමූහයක අධිපති කැලුම් ජයසුමන සහ ඔහුගේ බිරිඳද, මැදමුලන චෞරයා වෙනුවෙන් පෙනී සිටිමින් අහිංසක මිනිසුන්ගෙන් සල්ලි ගරමින් සිටින ජානකී අල්විස් නම් කාන්තාවද, එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධනගේ සමීප හිතවතියක වන ඉරකි කොඩිතුවක්කුද යන පිරිස සම්බන්ධ වී ඇත. ඉරකි කොඩිතුවක්කු යනු එජාපයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන කරුණාසේන කොඩිතුවක්කුගේ මල්ලීගේ දියණියයි. එජාප තරුණ බලමුලුවේ ප්‍රභල සාමාජිකාවක්ද වූ ඇය පල්ලෙවත්ත සිරිසේනගේ ගොට්ටා ලෙස සැලකෙන ෆයිසර් මුස්තෆාගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල සේවිකාවකි.

ප්‍රධාන පුටුවේ වීර සංගිලි පනික්කිරාළය. අනෙක් පුටුවේ ඔහුගේ අතවැසි කැලුම් ජයසුමනය, අනෙක් පුටුවේ පල්ලෙවත්ත සිරාගේ ආයෝජන දූතිකාවය, ඇයට එහා පැත්තේ වෙබ් ගෝඩ් ෆාදර් වීමට කෙල හලන ඇයගේ සැමියා මොහාන් පෙරේරාය. අනෙක් පසින් පල්ලෙවත්ත සිරාගේ න්‍යායාචාර්‍ය ගොට්ටා වන ෆයිසර් මුස්තෆාගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල සේවිකාවයි. අනෙක් පුටු දෙකේ මොහාන් පෙරේරාගේ වෙබ් කාර්‍ය මණ්ඩලයේ සේවය කරන ජානකී අල්විස් සහ තුසිත රණභාහුයි.

අගමැති අපේක්ෂකයා කිරීමට වලිකන වීර සංගිලි පනික්කිරාල ගැන අප කීප විටක් කියා ඇත්තෙමු. වීර සංගිලියාගේ රහස් සාකච්චාවේ ඡායාරූප ලියුම්කරු වෙත ලැබුනි. මෙවැනි දේශප්‍රේමීන්ට කඩේ යන්නේ නම් රෙදි ගලවා කඩේ යාම වඩාත් නිවැරදි ක්‍රමය බව ඔබට  සිහිකිරීමට කැමතිය.

මේ සාකච්චාව කුමක් සඳහාද? මෝර ගෝටාට රට භාරදී ගමරාලයාට ගෙදර යන්නට කියා දැනුම් දීම සඳහා පනික්කියා විසින්, මෛත්‍රීගේ හෙන්චයියන් කැඳවා අවවාද කෙරෙන අවස්ථාවක්ද? එසේත් නැතිනම්, මැදමුලන මෘගයන්ට කොකා පෙන්වා අපි ගමරාලයාව නැවතත් පොදු අපේක්ෂකයා කරවමු යන්න සාකච්චා කිරීමට පැමිණි අවස්ථාවක්ද? ගමරාලයාට හෙල්ප් එක දෙන්නං මට අගමැතිකම  ඕනේ යනුවෙන් පනික්කියා පවසා සිටින අවස්ථාවක්ද? යන්න ඔබ තීරණය කරන්න.