Gossips

පොදු කතිකාවතක අවශ්‍යතාව ගලගොඩඅත්තේ හිමියන් කියයි

නිකායන් අතර ගැටළුවක් ඇති නොවන ආකාරයට සඟ සසුනට පොදු කතිකාවතක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාව උදාවී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් පවසනවා.
මහනුවර කළහකාරී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා බෝගම්බර බන්ධනාගාරයට අද පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියා.