Gossips

නව ව්‍යවස්ථාවක් ඇවැසි බව හිටපු ජනපතිනිය කියයි

සියලූ ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු කර දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
එම උත්සවයට එක්වූ අමාත්‍ය මනෝ ගනේෂන් එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී ඔහුගෙන්ද මාධ්‍යවේදීන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සිදුකළ යුතුව තිබුණේ ආණ්ඩුව පත්වී පළමු වසර තුළ බවයි.
එහෙත් මේ වනවිට එය සකස් කරගැනීම අපහසු වී ඇති බැවින් පවතින ව්‍යවස්ථාවට සංශෝධන එක් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.