Gossips

බැසිල් රාජපක්ෂට විදේශ ගත වීමට අවසර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශ ගතවීම සදහා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන්නා.
තමන්ට වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගත වීමට අවශ්‍ය බවට ඔහු මෝසමක් මගින් ඉල්ලීමක් කර තිබූ අතර, එය කැදවූ අවස්ථාවේ මාස 3 ක් සදහා විදේශ ගත වීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අවසර ලබාදුන්නේ.
මාතර – බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ගොනුකර තිබූ නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශ ගමන් තහනම් කර තිබුණා.