Gossips

කොළඹ ටුක් ටුක් වෙනුවට, ජපානයෙන් සමුරායි

දිවයින පුරා විසිරී ඇති පොදුජනතාවගේ කුලී රථය ලෙස සැලකෙන දස ලක්ෂය ඉක්ම වූ ත්‍රිරෝද රථ වෙනුවට විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දීම ඊයේ (23) සිදුකෙරුණා.
පෙට්‍රල් සහ ඩීසල් භාවිත කෙරෙන වත්මන් ත්‍රිරෝද රථවලින් සිදුවන පරිසර හානිය අවම කිරීම එහි අරමුණ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව ද එකඟ වී ඇති පැරිස් සම්මුතියට අනුව වසර 2020 වන විට මෙරට හරිතාගාර වායු මුක්තවීම සියයට 10කින් අඩු කළ යුතුයි.
ඊට සහයක් ලෙස විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දීම සඳහා ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.
ඒ අනුව කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ‘ටුක් ටුක්’ ලෙස ප්‍රචලිත ඉන්ධන යොදා ගැනෙන ත්‍රිරෝද රථ වෙනුවට ජපාන සමුරායි විදුලි ත්‍රිරෝද රථ මෙරට මාර්ගවලට පිවිසෙනු ඇති.
නවීනතම තාක්ෂණය යොදා ගැනෙන මෙම ව්‍යාපෘතිය තුළින් 2020 වසරේ මැද භාගය වන විට විදුලි ත්‍රිරෝද රථ මෙරට නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන විදුලි ත්‍රිරෝද රථ ව්‍යාපෘතිය මගින් ත්‍රිරෝද රථ රියදුරන්ට සහනදායී ණය යෝජනා ක්‍රමයක් ද දියත් කිරීමට නියමිතයි.