Gossips

බලංගොඩ දරුවා තවමත් අතුරුදන්

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ 10 හැවිරිදි දරුවා සොයා යුද හමුදාව සිදුකළ මෙහෙයුම් නතර කර තිබෙනවා.
ඊයේ (23) දිනයේදී යුද හමුදාවේ 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම් දියත් කළ නමුත් දරුවා හමුවූයේ නැහැ.
කෙසේ වෙතත් ලැබෙන තොරතුරු ඔස්සේ දරුවා සෙවීමේ කටයුතු පොලිසිය විසින් සිදු කරන බවයි බලංගොඩ පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
පසුගිය සිකුරාදා සිට මෙලෙස අතුරුදන් සිටින්නේ බලංගොඩ – සමනලවත්ත විදුහලේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සහන් ධර්මසිරි නමැති සිසුවා වන අතර පාසල නිමවී යළි නිවසට පැමිණ දර කැඩීමට ගොස් සිටි සිය පියා සෙවීම සඳහා ඔහු අසල වනයට ගොස් තිබුණා.
එහි සැරිසරන දිවියෙකු මෙම දරුවා ගොදුරු කර ගන්නට ඇති බවට සැකකළ නමුත් බලංගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ එලෙස දිවියෙකු ඩැහැගත්තේ නම් මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලදී දරුවාගේ ශරීර කොටසක් හෝ හමුවිය යුතු බවයි.
තම දරුවා දිවියෙකු ඩැහැගත් බවට සැක නොකරන බවයි අතුරුදන්ව සිටින දරුවාගේ පියාද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.