Gossips

ලා ඕසයේ ජලාශයක බැම්මක් බිඳී සිය ගණනක් අතුරුදන් වෙයි

ලා ඕසයේ විදුලි බලාගාර ජලාශයක බැම්මක් හදිසියේ බිඳී යාමෙන් ඇතිවූ ජල ගැල්මක් නිසා පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්වී තිබෙනවා.
ලා ඕසයේ – අට්ටාපු ප්‍රාන්තයේ නාම් නෝයි නැමති වේල්ලයි මෙලෙස බිඳී ඇත්තේ.
එහිදී මෙතෙක් ගණනය නොකළ ජීවිත හානි රැසක් සිදුව ඇති බවත්, සිය ගණනක් අතුරුදන්වී ඇති බවත්, ලා ඕස රාජ්‍ය ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.
ජල ගැල්ම නිසා පුද්ගලයන් 6600 කට පමණ උන්හිටිතැන් අහිමිවී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම වේල්ල හදිසියේ බිඳීමට ලක්වී ඇති අතර, එහිදී ජලය ඝන මීටර බිලියන 5 ක් එක්වර නිකුත් වී ඇති බව සඳහන්.
ලා ඕස අග්‍රාමාත්‍යවරයා රජයේ සියලූම රැස්වීම් අත්හිටුවා අනතුර සිදුවූ ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ගොස් තිබෙනවා.