Gossips

ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා දෙකක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ට්‍රෝලර් යාත්‍රා දෙකකින් පැමිණ කන්කසන්තුරය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මේ ඉන්දීය ධීවරයින් 07 දෙනා අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය ධිවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් යාපනය නාවික හමුදා නිළධාරීන් සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.