Gossips

ජෝර්ජ් කීට්ගේ අතුරුදන් සිතුවම් දෙක සොයන්න, මහජන සහය පතයි

කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකු වූ ජෝර්ජ් කීට් සිතුවම් කර තිබූ රුපියල් ලක්ෂ 120කට අධික වටිනාකමින් යුත් චිත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්ෂා කරනවා.
මදර් ඇන්ඩ් චිල්රන්ඩ් සහ වසන්ති නම් මෙම චිත්‍ර දෙක පසුගිය 2013 වසරේ ජුලි මාසයේ 12 වන දා කිසිවෙකු විසින් සොරාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
පැමිණිල්ලේ සදහන් වී තිබුණේ කොළඹ 2, ගැලනි වීදියේ අංක 130 ලිපියේ මෙම සිතුවම් දෙක තිබී ඇති අතර, එවකට සිදුකරන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අදාළ සිතුවම් දෙක තිබුණු ගොඩනැගිල්ල ඉවත් කිරීමේදී කිසියම් අයෙකු මෙම චිත්‍ර සොරාගෙන ඇති බවටයි.
අදාළ සිතුව්ම දෙක හමුවුවහොත් 0112 395 248 යන තම දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංකයට දැනුම් දෙන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.