Gossips

බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සඟයෙක් ලක්ෂ 24 ක හෙරොයින් සමඟ පොලිස් දැලේ (ඡායාරූප)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැලිකඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලි ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 24 ලක්ෂයකට අධික බව සඳහන්.
එමෙන්ම 44 හැවිරිදි මෙම සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ ලසන්ත හෙවත් ලසා නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
දින 07 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ඉල්ලා සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද එමගින් කියා සිටියා.