Gossips

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා උළෙලට ජනපති එක්වෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්මය මෙවර ඓතිහාසික දිගාමඬුල්ල පුරවරයේ අම්පාර බුද්ධංගල දහම් මැදුර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එම පුණ්‍යෝත්සවය සදහා ඊයේ (23) එක්වුණා.
ගල්ඔය නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පසුගිය 19 වනදා ආරම්භ වූ මෙම උපසම්පදා විනය කර්මය අද (24) අවසන්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අංකුඹුරේ පේමවංස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙනුයි උපසම්පදා විනය කර්මය සිදුකරනු ලබන්නේ.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල