Gossips

හිරුට විස්සයි – තෑගි වැස්සයි – තෙවන ට්‍රක් රථය පිරිනැමෙයි (ඡායාරූප)

හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට සතිපතා පිරිනැමෙන ට්‍රක්රථ අතරින් තුන්වන ට්‍රක් රථය හිමිකරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ (23) සිදුකෙරුණා.
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක්රථ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමීමේ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනද ඇරඹුණේ හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන්.
එහි තුන්වන වාසනාවන්තයා වූයේ මාතලේ – අල්වත්ත – කෙසෙල්වත්තේ පදිංචි නදීර රේණුක සෝමචන්ද්‍රයි.
ඊයේ පස්වරුවේ රුපියල් ලක්ෂ දහහතාමාරකට අධික වටිනාකමකින් සමන්විත ට්‍රක් රථය එම ප්‍රදේශයට රැගෙන ගියේ ගම්වාසීන් විසින්ම සංවිධාන කළ රිය පෙරහරකින්.
නදීර රේණුක සෝමචන්ද්‍ර හිරුගෙන් ලද වටිනා ට්‍රක් රථය සිය නිවස කරා රැගෙන ගියේද ගම්වාසීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේයි.
හිරුට විස්සයි – තෑගි වැස්සයි වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවක ඔබටත් සතිපතා මෙලෙස ට්‍රක් රථ දිනාගත හැකියි.