Gossips

ඒකාබද්ධයෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හානි පූර්ණය සදහා වන කාර්යාල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා.
එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.
යෝජිත පනත් කෙටුම්පත රහසිගත ආකාරයට සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සදහා වන්දි ගෙවීමට සූදානම් බවටයි පෙත්සම ගොනුකරමින් ඒකාබද්ධ විපක්ෂය සදහන් කර ඇත්තේ.