Gossips

රුපියල් එක්කෝටි 77 ලක්ෂයක විදේශ මුදල් සමඟ දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් එක් කෝටි 77 ලක්ෂ 77,193ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ අදාළ පුද්ගලයින්ගේ ගමන් මළු තුළ තිබී මෙම විදේශ මුදල් තොගය සොයාගෙන ඇති බවයි.
එහි තිබී හොංකොං සහ ඇමරිකානු ඩොලර්, ඉන්දියානු රුපියල්, චීන යුආන් මෙන්ම ශ්‍රී ලංකා රුපියල් 63,400ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අකුරන සහ පාමංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රේගුව සඳහන් කළේ.