Gossips

ඉතාලිය සංක්‍රමණිකයන් භාර ගැනීමට එකඟ වෙයි

උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා හරවා නොයැවීමට ඉතාලිය එකඟ වී තිබෙනවා.
ඉතාලියේ වර්තමාන දක්ෂිණාංශික රජය නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර තිබූ අතර, ඒ අනුව සංක්‍රමණික යාත්‍රා හරවා යැවීමට පියවර ගනු ලැබුවා.
එහෙත් ඔවුන්ගේ ජීවිත අවදානම හේතුවෙන් යුරෝපා සංගමයේ ඉල්ලීම මත සංක්‍රමණික යාත්‍රා සිය වරාය වෙත භාර ගැනීමට ඉතාලි රජය එකඟ වී තිබෙනවා.
කෙසේ නමුත් එලෙස පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයේ අනෙකුත් රටවල් වෙත යොමු කිරීමට යුරෝපා සංගමය එකඟ වී ඇති බව සඳහන්.