Gossips

හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුවේ නීතිපති ස්ථාවරය අගෝස්තු 29 වනදා

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට එරෙහි ගොනුකර ඇති නඩුවේ නීතිපතිගේ ස්ථාවරය අගෝස්තු මස 29 වනදා දැනුම් දෙන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
බරපතල දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉදිරිපත් වූ සාක්ෂි ද මෙම නඩුවට අදාළ කර ගන්නා ලෙස ද එහිදී විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කළ රුපියල් මිලියන 14කට අධික මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතුවලට යොදා ගැනීම ඇතුළු අධි චෝදනා 06ක් යටතේයි ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ.