Gossips

විභාග කටයුතුවලට බාධා කළ පිරිසකට එරෙහිව පැමිණිල්ලක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ වාර විභාග පැවැත්වෙන අවස්ථාවකදී බාධාවන අයුරින් නීතිවිරෝධීව පාසලට ඇතුලූ වී ගුරුවරුන්ට අත්පත්‍රිකා බෙදා හැරි බවට ගම්පහ බණ්ඩාර නායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පොලීසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
වෘත්තීය සමිතියක බව පවසමින් කිසියම් පිරිසක් තම විදුහලට බලහත්කාරයෙන් ඇතුළු වී ඉදිරියේදී පැවැත්වෙන වර්ජනයකට සහයෝගය ලබාදෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි නියෝජ්‍ය විදුහල්පතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එවැනි සිදුවීම් පිළිබඳ එම අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංකය වන 1988 හරහා දැනුම්වත් කරන ලෙස ද ඉල්ලා සිටියා.