Gossips

වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකට වසර 12 ක සිරදඬුවම්

වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් පුද්ගලයෙකුට අද බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් නියම කෙරුණා.
2004 වසරේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවලට උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා.
ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී.කරලියද්ද අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවා.
එහිදී අවභාවිතා කළ වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක් එනම්, රුපියල් ලක්ෂ 105 ක මුදලක් රජයට දඩ මුදලක් ලෙස ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියෝග කර තිබෙනවා.