Gossips

ගුරුවරුන්ගෙන් රතු එළියක්

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව පවසා දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 ක් අවලංගු නොකළහොත් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු – විදුහල්පති සංගම් පවසනවා.
එමෙන්ම මේ මස 26 වනදා එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බැවින් එදිනට නියමිත පාසල් වාර විභාගය කල් දමන මෙන් පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව නිවේදනය කළේ.