Gossips

ටැංකි රියදුරන් පැය 48ක් ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක

ලබන බදදා මධ්‍යම රාත්‍රියේ සිය පැය 48ක් ධාවනයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එලඹීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම සහ ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනය කිරිමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව බදාදා වන විට කටයුතු නොකළහොත් අදාල ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.