Gossips

මහා සංඝ සමුළුව පැවැත්විය යුත්තේ නිකාය භේදයකින් තොරවයි – ජනපති

නිකාය භේදයකින් තොරව මහා සඟ සමුළු පැවැත්වීම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ අද (22) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වාණිජත්වය සමඟ පිරිහෙන සමාජය සුවපත් කිරීමට බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන සාකච්ඡා සහ සංවාද මණ්ඩප ඉතා වැදගත් බවයි.