Gossips

19 දෙනෙකුට ජීවිත අහිමි කළ වියට්නාමයේ ගං වතුර

මෝසම් වැසි සමඟ ඇති වී තිබෙන ජල ගැලීම් සහ සුළි සුළං හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ වසරේ වියට්නාමයට හැමූ තුන් වන සුළි සුළඟ පසුගිය බදාදා රාත්‍රියේ එරට වෙරළ තීරයෙන් ඇතුළු වූ අතර, ඒ සමඟම ආපදා තත්ත්වය උත්සන්න වුණා.
අයහපත් කාලගුණයෙන් වියට්නාමයේ තවත් 13 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම් සහ නාය යාම්වලින් හැනෝයි අගනුවර ඇතුළු නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල නිවාස 15,000කට පමණ හානි සිදුවී ඇති අතර, හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක වගා බිම්වලට හානි සිදුව ඇති බව සඳහන්.