Gossips

සිරියාවේ සුදු හිස්වැසුම් බලකාය ඊශ්‍රායලය විසින් ඉවත් කර ගනී

නිරිතදිග සිරියාවේ යුද කලාපයේ සිර වී සිටි සුදු හිස්වැසුම් බලකාය ලෙස හඳුන්වන රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය මැදිහත් වී තිබෙනවා.
ඇමරිකාව සහ යුරෝපා රටවල ඉල්ලීම මත එලෙස යුද කලාපයෙන් පුද්ගලයන් 800කට ආසන්න පිරිසක් ඉවත් කර ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.
ඔවුන් සිරියාවේ සිට ඊශ්‍රායලයට අයත් ගෝලාන් කඳුකරය හරහා ජෝර්දානය වෙත ඉවත් කරගෙන තිබෙනවා.
සුදු හිස්වැසුම් බලකාය සිරියානු රජයට එරෙහි කැරළි කණ්ඩායම් වෙසෙන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ සහන සංවිධානයක්.
තමන් නිර්පාක්ෂිකබව ප්‍රකාශ කළ ද ඔවුන් රාජ්‍ය විරෝධීන් ලෙසයි සිරියානු රජය හඳුන්වන්නේ.