Gossips

චීනය, අප්‍රිකාව සමඟ සබඳතා තර කරයි

අප්‍රිකානු මහද්වීපයේ සංචාරයක නිරතවන චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ සෙනගාල් රාජ්‍යය සමඟ ආර්ථික ගිවිසුම් කිහිපයකට එළඹුණා.
ණය ආධාරවලට හිලව් ලෙස එරට ඛනිජ සම්පත් සහ ඉදිකිරීම් ව්‍යාපෘතිවල නියැලීමට මේ අනුව චීන සමාගම්වලට ඉඩ සැළසෙනවා.
අප්‍රිකානු චාරිකාවේ ඉදිරි පියවරවලදී චීන ජනාධිපතිවරයා රුවන්ඩාවේ සහ දකුණු අප්‍රිකාවේද සංචාරය කිරීමට නියමිතයි.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට ද ඔහු සහභාගි වන අතර, ඊට බ්‍රසිලය, රුසියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල නායකයන්ද එක්වනු ඇති.