Gossips

අලි වැටක් තිබියදී ගම්වදින අලි

බුත්තල – පැල්වත්ත – විස්ස ගම්මානයට අද උදෑසන කඩාවැදුණු වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 65ක් පමණ වන අදාළ පුද්ගලයා උදෑසන 7.30 ට පමණ නිවස ආසන්නයේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශයේ අලි වැටක් පැවතියද වන අලි ගම්මානයට කඩාවදින බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
ප්‍රදේශවාසීන් චෝදනා කළේ එම අලි වැටේ විදුලිය විසන්ධි කිරීම නිසා අලින් ගම්වදින බවටයි.
මේ අතර වන අලින් සඳහා එළවළු සහ පළතුරු රැගෙන යාමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද අලූයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියා.
ඒ, දඹුල්ල නගරාධිපතිවරයාද සමඟයි.
මෙහිදී ඉවතලන එළවළු සහ පළතුරු වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වාහනයකට පටවා ඇත්තේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින අලින්ට ආහාර පිණිස රැගෙන යාම සඳහායි.