Gossips

නව සන්ධානයකට ආණ්ඩුවෙන් දහසයේ කණ්ඩායමට ඇරයුම්

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමද යළි එක් කරගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, ඇතුලූ පක්ෂ ගණනාවක්ද නව සන්ධානයට එක් කරගැනීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් ආණ්ඩුවේ කිසිදු පාර්ශවයක් සමඟ යළි සන්ධාන ගත නොවන බව දහසයේ කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කළා.
ආණ්ඩුවෙන් ඉවත්වූයේ එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවක් ගෙනයාම ගැටළුවක් වූ නිසා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.