Gossips

මඩගැසීමේ අරමුණක් ගැන බන්දුල කියයි

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුව කල් තැබීමේ යෝජනාවක් ගෙන ආවේ මඩගැසීමේ අරමුණින් පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසවා.
ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ තොරතුරු සම්බන්ධයෙන් දැනුම්වත් බවක් නොතිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන එහිදී චෝදනා කළා.