Gossips

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට

ඇමරිකානු ඩොරලය දුර්වලවීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
සති අන්තය වනවිට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 71 කට ආසන්න වූ අතර, ලොව වැඩිම භාවිතයක් සහිත බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 73 යි ශත 11 ක් ලෙසයි.