Gossips

හෙරොයින් පැකට් 342 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේදී අත්අඩංගුවට

හෙරොයින් පැකට් 342 ක් සහ බාබුල් ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
38 හැවිරිදි වියේ පමණ පසුවන එම සැකකරුවන් හයදෙනා මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
ලොරි රථයකින් ඇළුමිනියම් භාණ්ඩ ප්‍රවාහනය කරන මුවාවෙන් ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අතරතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.