Gossips

මත්තල ගැන අවසන් තීන්දුවක් නැහැ – නිදහස් පක්ෂය කියයි

කිසිවිටෙකත් මත්තල ගුවන්තොටුපල විකිණීමට ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් මේ වනතුරුත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹෙන බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් කුමන ක්‍රමයකින් හෝ මත්තල ගුවන් තොටුපල සක්‍රිය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.