Gossips

අද මැදියම් රැයේ සිට දුම්රිය තාක්ෂණ සේවය අකුරට වැඩ

දුම්රිය තාක්ෂණ නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් වනවා.
ඒ, පැය 40 වැඩ සතිය සහ දිරි දීමනාව ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් කියා සිටියේ මෙම ගැටළු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කළත් මෙතෙක් ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි.
අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය ගමන් වාර අවලංගු වීම් සිදුවිය හැකි බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.