Gossips

බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්වූ දස හැවිරිදි දරුවෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ- සමනලවත්ත ප්‍රදේශයේ 10 හැවිරිදි දරුවා සොයා පොලීසිය තවදුරටත් මෙහෙයුම්වල නිරතවනවා.
ඊයේ පස්වරුව වනවිටත් දරුවා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බවයි මෙහෙයුම්වල නිරත පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ සමනලවත්ත විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්.
දරුවා සෙවීමේ මෙහෙයුම්වලට ප්‍රදේශවාසීන්ද එක්ව සිටින අතර පොලිස් නිල සුනඛයින්ද යොදවා තිබෙනවා.
සමනලවත්ත ගම්මානය අවට රක්ෂිතයේ දිවියෙකු සැරිසරන බැවින් කුඩා දරුවා දිවියාගේ ගොදුරක් වූයේද යන්න පිළිබඳව සැක මතුව තිබෙනවා.