Gossips

ත්‍රිරෝද රථයක් පෙරළී 3 දෙනෙකුට තුවාල

දඹුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ උණ පඳුරු යාය ප්‍රදේශයේදී කාන්තාවක් පදවා ගෙන ගිය ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී, එහි ගමන් කල තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තත්ත්වයේ පසුවු එක් කාන්තාවක් දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට යන අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.