Gossips

මැතිවරණය ගැන ආණ්ඩුවේ පොදු එකඟතාවක් නැතැයි ජී.එල්. කියයි

ලබන වසරේ ජනවාරි මාසයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද එය කිසිසේත් සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ රටේ වර්තමාන තත්ත්වය පිළිබදව අස්ගිරි මහානාහිමියන් දැනුම්වත් කිරීම සදහා මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මැතිවරණයට අදාළ අණපනත් සම්මත කර ගැනීම සදහා ආණ්ඩුවේ පාර්ශව අතර පොදු එකගතාවක් නොමැති වීම මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුකර ඇති බවයි.