Gossips

පුංචි ඡන්දයේ දිස්ත්‍රික් හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵල නිකුත් කිරීමක් නැහැ

පෙරේදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
පවතින නීතියට අනුව එවැනි ප්‍රතිඵලයක් නිකුත් කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.