Gossips

පොහොට්ටුවේ රැස්වීමක ස්ථානය ගැන අවුලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට එම ස්ථානය ලබා නොදීමේ ගැටලූවක් මුල් කර ගනිමින් අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
පොදුජන පෙරමුණේ නියෝජිතයන් කියා සිටියේ මීට මාස 6 කට පමණ පෙර ශ්‍රවණාගාරය වෙන් කර ගෙන මුදල් ගෙවා ඇති බවයි.
මේ අතර, වරකාපොල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවයි.
එයින් ද ජනතාව පළාත් පාලන ඡන්ද විමසීමේදී ලබාදුන් ප්‍රතිඵලයම ලබාදෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.