Gossips

දෙමළ සන්ධානය උතුරට පොලිස් බලතල ඉල්ලයි

පළාතේ අපරාධ අඩු කිරීමට නම් උතුරට පොලිස් බලතල ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
‘‘උතුරේ සිදුවන අපරාධ සිද්ධි පාලනය කරන්න නීතිය හා සාමය පිළිබද බලතල පළාත් සභාවට බෙදා දෙන්න ඕනා. පොලීසියට උතුරේ භාෂාව කතා කරන පුද්ගලයින් බදවා ගන්න ඕනා. එහෙම නැතිව මේවට එරෙහිව ක්‍රියා කරන්න බැහැ. මෙවැනි අවස්ථාවක් එනකම් බලා ඉන්න බැහැ. ඒ හින්දා මධ්‍යම රජය ළග මේ සම්බන්ධව බලතල තියෙනවා. ඒ නිසා ඔවුන් එම බලතල සදහා අවශ්‍ය කටයුතු වලට ඉක්මනින් යන්න ඕනා. මේ ගැන අපිට කරන්න පුළුවන් උපරිම බලපෑම අපි කරනවා. ඒ නිසා තමා නීතිය හා සාමය පිළිබද ඇමතිතුමා උතුරට ආවේ. ඔහු උතුරට ආවත් අපරාධවල කිසි අඩුවීමක් නැහැ. ඒ නිසා අද උතුරට එන අගමැතිතුමත් එක්ක මේ ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’’