Gossips

නිදහස් පක්ෂය දැඩි පසුබෑමක නොමැති බව ඇමති නිමල් කියයි

යහපාලන ආණ්ඩුවට එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
කොට්ටාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව නොමැති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීම බදුල්ල – තැපැල් ශ්‍රවණාගාරයේදී අද අමතමින්.